කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන අලුත්ම සමාගම – LVL Energy Fund Limited

    November, 20, 2017

    LVL Energy Fund Limited හි මූලික මහජන කොටස් විනුතුන 2017 දෙසැම්බර් 14 වන දින ආරම්භ වීමට නියමිත බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර සිටී.

    මෙහිදී රු. 10 බැගින් වූ සාමාන්‍ය කොටස් මිලියන 120 ක් නිකුත් කිරීමට නියමිත අතර, සමාගම විසින් මේ හරහා රැස් කර ගැනීමට යෝජිත මුළු ප්‍රාග්ධනය රුපියල් බිලියන 1.2 කි.

    Lanka Ventures PLC හි අනුබද්ධ සමාගමක් වන LVL Energy Fund Limited, බලශක්ති කර්මාන්තයේ සමාගම්වල කොටස් ආයෝජනය සඳහා ස්ථාපිත කරනු ලැබ ඇති සමාගමකි.

    මේ වන විට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා නේපාලය යන රටවල පුනර්ජනනීය හා තාප බලාගාර ව්‍යාපෘතීන් හි LVL Energy Fund Limited ආයෝජනය කර තිබේ.