November, 22, 2017
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම අපනයනකරු වන බ‍්‍රැන්ඩික්ස් සමූහය ගෝලීය කෘත‍්‍රීම රෙදි නිෂ්පාදකයෙකු වන හොංකොං හි, Best Pacific සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාරයක් ආරම්භ කිිරීමට සැලසුම් කර තිබෙන අතර මෙමගින් අපේක්ෂා කරන්නේ ශ‍්‍රී ලංකාව තුළ කෘත‍්‍රිම රෙදි නිෂ්පාදනය කිරීමයි.
මේ ඒකාබද්ධ ව්‍යාපාරයට අදාළ ගිවිසුමට සමාගම් දෙක විසින් පසුගියදා කොළඹදී අත්සන් තැබූ අතර මේ යටතේ කෘතිම රෙදි නිෂ්පාදනය කිරීම සඳහා පන්නල ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් ගොඩනැගීමට එකඟ වී ඇත. මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සින්තටික් නිෂ්පාදන සඳහා එකම ස්ථානයකින් විසඳුම් ලබාදීමේ ලෝකයේ ප‍්‍රමුඛතම සමාගමක් ලෙසින් සැලකෙන Best Pacific සමාගම විසින් කළමනාකරණය කරනු ඇත.
මෙම ඒකාබද්ධ ව්‍යාපාරය පිළිබඳව බ‍්‍රැන්ඩික් සමූහයේ ප‍්‍රධාන විධායක නිළධාරී, අෂ්රොෆ් ඕමාර් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘පාරිභෝගිකයාට වඩාත් නව්‍ය වූ නිෂ්පාදන ලබාදීමේ බ‍්‍රැන්ඩික්ස් අපේක්ෂාව මෙම නව ඒකාබද්ධ ව්‍යාපාරය නිසා තවත් ඉදිරියට යනවා.’
Marks & Spencer, Spanx, Triumph, Victoria’s Secret, Wacoal, Aimer, Chantelle, Embry Form සහ Maniform වැනි ලොව ප‍්‍රමුඛතම සන්නාමවල ගනුදෙනුකරුවන් සමග Best Pacific සමූහය දිගුකාලීන සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට සමත්ව තිබේ. මෙම සමාගමේ තිබෙන ශක්තිමත් නව්‍යතා සහ නිෂ්පාදන සංවර්ධනය කිරීමේ හැකියාව අනුව මෙම සන්නාම සඳහා කෘතිම රෙදි නිෂ්පාදනය කිරීමට අමතරව මෙම සන්නාම සමග එකතුවී ඒවාට නව වෙළඳපොළ ප‍්‍රවණතාවයන් ඇති කිරීමට සමත් නව නිෂ්පාදනයන් කිරීමටද Best Pacific කටයුතු කරයි.
ශ‍්‍රී ලංකාවේ ‘වසරේ’ අපනයන කරුවා’ ලෙසින් තේරී පත්වූ බ‍්‍රැන්ඩික්ස් සමූහය දේශීය ඇඟලූම් කර්මාන්තයට ‘පරිපූර්ණ විසඳුම්’ යන සංකල්පය හඳුන්වාදීමට පුරෝගාමී වූ සමාගම් සමූහයකි. 2015, 2016 සහ 2017 වසර වලදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නාම ඇගයීමේ බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් වර්ගීකරණයේදී ශ‍්‍රී ලංකාවේ වටිනාම අපනයන සන්නාමය ලෙසින් තේරී පත්වීමට බ‍්‍රැන්ඩික්ස් සමත් විය.
Video Story