දශ ලක්ෂ දහසකට යූනියන් පෙදෙසේ ඉඩමක් විෂන් කෙයා මිලට ගනී

    November, 23, 2017

    කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව පැවති කොළඹ 02, යූනියන් පෙදෙසේ පර්චස් 66.81 ක ගොඩනැගිල්ලක් ද සහිත භූමි භාගය, විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් (පුද්) සමාගම විසින් මිල දී ගෙන තිබේ. රුපියල් බිලියනයක මිලකට මෙම ගනුදෙනුව සිදුව තිබේ.

    මේ බවට මුල් වරට 2017 ජූලි 31 දින කලම්බු සිටි හෝල්ඩිංග්ස් විසින් අනාවරණය කරනු ලැබූ අතර අදාළ ගනුදෙනුව අද (23) දිනයේ දී සම්පූර්ණ කරනු ලැබූ බව සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.

    මේ සඳහා සමාගමේ කොටස්කරුවන්ගේ අනුමැතිය ද පසුගිය දා පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමක දී ලබා ගත් බව කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී වැඩිදුරටත් කියා සිටී.