වීසා ගන්න බොරු කිව්වොත් අවුරුදු 10 කට ඕස්ට්‍රේලියාව තහනම්

    November, 27, 2017

    ඕස්ට්‍රේලියාවට ඇතුළත් වීම සඳහා කවරාකාරයේ හෝ වීසා වර්ගයක් ඉල්ලුම් කරන විට ඒ සඳහා ලබා දිය යුතු සියලු තොරතුරු සත්‍ය ඒවා විය යුතු බවත් එසේ නොමැති වුහොත් වසර 10 ක් යන තෙක් යළිත් වරක් වරක් කිසිම ආකාරයක ඕස්ට්‍රේලියානු වීසා වර්ගයකට අයදුම් කළ නොහැකි වන සේ නීති පැනවීමටත් ඕස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් වාර්තා කරමින් SBS පුවත් සේවය වැඩිදුරටත් කියා සිටින්නේ සාවද්‍ය ප්‍රකාශ, යම් තොරතුරු ඉවත් කිරීම් හෝ සැඟවීම් හෝ සාවද්‍ය බැංකු ගිණුම් තොරතුරු, ව්‍යාජ රැකියා පළපුරුද්ද, ව්‍යාජ IELTS ඉංග්‍රීසි ප්‍රතිඵල වැනි දෑ මෙම තහනමට මුහුණ පෑමට බලපාන ප්‍රධාන සාධක වන බවයි.

    2017 නොවැම්බර් මාසය වන තෙක්ම මෙම වරද සඳහා පැවතියේ මාස 12 ක තහනම් කාලයක් පමණි.

    ශිෂ්‍ය වීසා (Student migration), පවුල් වීසා (Family Visa), නිපුනතා සංක්‍රමණික වීසා (Skilled Migration Visa) වර්ග වැනි වීසා වර්ග ගණනාවක් සඳහා මෙම නව නීතිය බලපානු ඇත.