වෙළෙඳ හිඟය පුළුල් වෙයි

    November, 28, 2017

    පෙර වසරේ අනුරූප කාලපරිච්‍ඡේදයට සාපේක්ෂව 2017 සැප්තැම්බර් මාසයේ දී වෙළෙඳ හිගය පුළුල් වූ අතර, 2017 පළමු මාස නවය තුළ දී ද වෙළෙඳ හිගය පුළුල් විය.

    රට තුළ පැවතිනියං තත්ත්වය හේතුවෙන් අතිරේක ආනයන වියදමක් දැරීමට සිදුවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.