ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දී මෙල්බර්න් ප්‍රවර්ධන වැඩසටහනක්

    November, 29, 2017

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කොළඹ පිහිටි ගුවන් ප්‍රවේශ පත්‍ර විකුණුම් කණ්ඩායම විශේෂිත මෙල්බර්න් ප්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දී පැවැත්වූ අතර, එහි දී සිදු කරන ලද දිනුම් ඇඳීමෙන් තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයන්ට ගුවන් ප්‍රවේශ පත්‍ර ප්‍රධානයක් ද සිදුකරන ලදී.


    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හි ප්‍රාග්ධන වෙළෙඳපොළ අධ්‍යාපන හා පුහුණු කළමනාකරු සංජීවනී බැක්මීදෙනිය ජයග්‍රාහී මෙල්බර්න් ගුවන් ප්‍රවේශ පත්‍රය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්ත සහ ප්‍රධාන වාණිජ නිලධාරී සිවා රාමචන්ද්‍ර යන මහත්වරුන් අතින් ලබාගත් අයුරු. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකරු ජයන්ත අබේසිංහ, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ විකුණුම් මගී සහ විකුණුම් නියෝජිත කළමනාකරු ආසිරි වික්‍රමසූරිය සහ ලෝක ව්‍යාප්ත විකුණුම් හා බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝ යන මහත්වරුන් ද එම අවස්ථාවට එක් වූහ.

     

    භාරතී එයාර්ටෙල් ලංකා ලිමිටඩ් හි කලාපීය පාරිභෝගික සේවා සැපයුම් ප්‍රධානී නවුශාඩ් අල්වී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සහ ප්‍රධාන වාණිජ නිලධාරී සිවා රාමචන්ද්‍ර මහතා අතින් ත්‍යාගය ලබාගත් අයුරු.

     

    කනිෂ්ක සිල්වා මහතා ලෝක ව්‍යාප්ත විකුණුම් හා බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා අතින් ත්‍යාගය ලබාගත් අයුරු.

    Video Story

    Stock Market

    Exchange Rates