November, 30, 2017
ප්‍රාග්ධන ප්‍රවාහ තවදුරටත් ලිහිල් කිරීම සහ ජංගම ගිණුම් ගනුදෙනු සහ විවිධ වර්ගයේ විදේශ ව්‍යවහාර මුදල්/ රුපියල් ගිණුම් සම්බන්ධයෙන් වූ ක්‍රියාවලීන් තවදුරටත් සරල කිරීම සඳහා නව විදේශ විනිමය නීති හඳුන්වාදෙන බව රජය විසින් 2016 අයවැය යෝජනාවේ ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම නිවේදනය හා සමගාමීව, 1953 අංක 24 දරන විනිමය පාලන පනත ඉවත් කරමින් 2017 නොවැම්බර් 20 දින සිට විදේශ විනිමය මෙහෙයුම් සඳහා නව නෛතික සහ ප්‍රතිපත්ති රාමුවක් 2017 අංක 12 දරන විදේශ විනිමය පනත මගින් හඳුන්වා දෙන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුතින් පිහිටුවන ලද විදේශ විනිමය දෙපාර්තමේන්තුව මගින් නව පනතේ විධිවිධානයන් ක්‍රියාත්මක කිරීම සිදුකෙරේ.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් නව පනත යටතේ නිකුත් කළ නියෝග සහ නියම 2017 නොවැම්බර් 17 දිනැති අංක 2045/56 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කරන ලද අතර 2017 නොවැම්බර් 20 දින, විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් අදාළ විධිවිධානයන් බලයලත් වෙළෙඳුන්ට නිකුත් කරන ලදී.
Video Story