December, 13, 2017
ගුවන් මගීන්ට සහ සංචාරකයින්ට වඩාත් හොඳ සේවාවක් සැලසීමේ අරමුණින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටි, ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමට අයත් ඉඩම් කැබලි දෙකක තරු පන්තියේ හෝටල් දෙකක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා ආයෝජකයන් දෙදෙනෙකු වෙත ඉඩම් කැබලි වෙන් කර දී තිබේ. එහෙත් එම ආයෝජකයින් විසින් සිය යෝජනා අනුව ඉදිරි කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එම ඉඩම් සඳහා නැවත ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමට තීරණය කරනු ලැබ තිබේ.
ඒ අනුව, එක් ඉඩම් කොටසක තරු හතර ගණයේ ගුවන් තොටුපොළ හෝටලයක් ඉදි කිරීම සඳහා යෝජනා දැනටමත් කැඳවනු ලැබ ඇති අතර, අනෙක් ඉඩම් කොටසෙහි තරු දෙක ගණයේ ගුවන්තොටුපළ හෝටලයක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමට යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිප්ත කළ යෝජනයා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Video Story