ජෙට්වින් කොටස් නිකුතුවටත් අධි ඉල්ලුමක්

    December, 14, 2017

    අද (14) දිනයේ දී ආරම්භ කෙරුණු ජෙට්වින් සිම්ෆනි ලිමිටඩ් මූලික මහජන කොටස් නිකුතුව සඳහා ද අධි දායකත්වයක් පැවතීම හේතුවෙන් පසුවරු 4.30 ට අදාළ නිකුතුව වසා දැමීමට එහි රෙජිස්ට්‍රාර්වරුන් වන එස් එස් පී කෝපරේට් සර්විසස් (පුද්) සමාගම තීරණය කර ඇත.

    මීට පෙර අද දිනයේ දී විවෘත වූ LVL Energy Fund Limited සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව සඳහා ද අධි දායකත්වයක් ලැබීම හේතුවෙන් පස්වරු 4.30 ට එම නිකුතුව ද අවසන් කීරීමට කටයුතු යෙදුණි.

    ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 50, 218, 856 ක් කොටසක් රු. 15.00, රු. 16.00, රු. 17.00 සහ රු. 18.00 ලෙස නිකුත් කිරීමට Jetwing Symphony Limited (JSL) සමාගම කටයුතු කරයි. මෙම කොටස් නිකුතුවේ කළමනාකරුවන් වන්නේ Capital Alliance Partners Limited (CAL) සමාගමයි.

    2007 වසරේදී ආරම්භ කෙරුණු Jetwing Symphony Limited (JSL)සමාගම, ඉදිරියේදී Jetwing සමූහයේ ආයෝජන හස්තය ලෙස කටයුතු කරනු ඇත. Jetwing Yala (යාල), Jetwing Kaduruketha (වැල්ලවාය), Jetwing Lake (දඹුල්ල), Jetwing Surf (පොතුවිල්) සහ Jetwing Colombo Seven (කොළඹ) එම සමාගමේ ආයෝජන අතර වෙයි. Jetwing Kandy Gallery නමින් මහනුවර ප්‍රදේශයේ නව හෝටල් පරිශ්‍රයක් ඉදිකිරිම සහ සමූහයේ යම් පරිශ්‍රවල හිමිකරු ප්‍රාග්ධන පියවීම් ප්‍රතිතුලනය කිරීම සඳහා මෙම කොටස් නිකුතුවෙන් ලැබෙන අරමුදල් යෙදවෙනු ඇත.