වසර 2025 වනවිට සෘජු විදෙස් ආයෝජන ඉහළ නැංවීමට පියවර

    December, 23, 2017

    වසර 2025 දැක්ම අනුව මධ්‍යකාලීනව සෘජු විදේශ ආයෝජන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීම අපේක්ෂිත බව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2018 සඳහන් කරයි.

    එම වාර්තාවට අනුව,පවතින නීති හා රෙගුලාසි රාමුව, මූල්‍ය වෙළඳපොල ව්‍යුහය සහ ආයතනික සංවර්ධනය වැඩි දියුණු කිරීම තුළින් ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් ඇති කිරීම සඳහා වන ප්‍රතිපත්ති අනුකූලතාවය සහ ක්‍රියාපටිපාටි සකස් කිරීමට අවශ්‍ය පියවර ගනු ඇත.