January, 3, 2018
ශ්‍රී ලංකාවේ දැනට පවතින විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය 2017 වසරේ දී රුපියල් ට්‍රිලියන 2 ක (රු. 2,000,000,000,000.00) අගය ඉක්මවා ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද (03) දින පැවති ‘පෙර දැක්ම 2018‘ උත්සව අවස්ථාවට එක්වෙමින් අධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙය වැදගත් සන්ධිස්ථානයක් බවත්, ගෙවී ගිය වසර පහ තුළ දී එම අරමුදල වාර්ෂිකව සියයට 13 කින් වර්ධනය වී ඇති බවත් මෙහිදී සඳහන් විය.
මේ අතර සාමාජික මුදල් රැස් කිරීම වේගවත් කිරීම, සාමාජික ගිණුම් තත්කාලීනව යාවත්කාලීන කිරීම සහ ප්රතිලාභ ගෙවීම වේගවත් කිරීම මගින් 2017 වසරේ දී අරමුදලේ මෙහෙයුම් කටයුතු තවදුරටත් කාර්යක්ෂම හා ක්‍රමවත් කිරීමට පියවර ගෙන තිබේ.
මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටින්නේ 2017 වසරේ දී ඉලෙක්ටොනික මාධ්‍යයෙන් දායක මුදල් සහ සාමාජික තොරතුරු සපයන සේවායෝජකයන්ට ලබා දෙන සේවාවන් කැපී පෙනෙන ලෙස වැඩිදියුණු වී ඇති බවයි.
එසේම අරමුදලේ කළමනාකරණය සඳහා වන පාලන ව්‍යුහය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් අරමුදලේ ආයෝජනවල වගවීම හ විනිවිදභාවය ඉහළ නැංවීම පිණිස ස්වාධීන හා අභ්‍යන්තර අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවක් පිහිටුවීම වැනි ක්‍රියාමාර්ග ද පසුගිය වසරේ දී ගනු ලැබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී.
Video Story