ඇලෝෂියස්ගේ සමාගම් 28 ක බැංකු ගිණුම් තහනම් වෙයි

    January, 29, 2018

    ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන වගඋත්තරකරු වන අර්ජුන් ඇලෝෂියස්ට අයත් පර්පචුවල් සමූහය සතු සමාගම් 28 ක බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය කටයුතු කර ඇති බව වාර්තා වේ.

    පර්පචුවෙල් ට්‍රෙෂරීස්, පර්පචුවෙල් කැපිටල් හෝල්ඩින්ස්, පර්පචුවෙල් ඇසට් මැනේජ්මන්ට්, ඩබ්. එම්. මෙන්ඩිස් යන සමාගම් ඇතුළුව සමාගම් 28 ක බැංකු ගිණුම් මෙලෙස තහනම් කර තිබේ. 

    මෙම ගිණුම් අත්හිටුවීමත් සමගම අදාළ සමාගම් සියල්ලටම කිසිදු ආකාරයක හෝ ව්‍යාපාර කටයුත්තක නිරත වීමට ඇති අවස්ථාව අහිමි වී යනු ලබන බව වැඩිදුරටත් වාර්තා වේ.