අනිලානා පුද්ගලික නිකුතුවට කොටස්කරුවන්ගේ සහාය පතයි

    January, 30, 2018

    අනිලානා හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී විසින් සිදුකිරීමට යෝජිත පුද්ගලික කොටස් නිකුතුව සඳහා, සමාගමේ කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගැනීමට තීරණය තර තිබේ.

    මෙහිදී සමාගමේ සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් 513,443,555 ක් දක්වා ප්‍රමාණයක් නිකුත් කිරීමට යෝජිත අතර ඒ සඳහා කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගැනීමට අතිවිශේෂ මහා සභා රැස්වීමක් 2018 පෙබරවාරි 27 දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    සමාගමේ දැනට පවතින කොටස් ප්‍රමාණය 493,308,514 කි. 2017 සැප්තැම්බර් 30 වන විට මෙයින් කොටස් 119,878,781 ක් හෙවත් 24.30% ක කොටස් හිමිකාරීත්වය සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ අසංග සෙනෙවිරත්න සතුවේ.