ලංකා බැංකුවට අයත් ජනශක්ති හිමිකම විකුණයි

    January, 30, 2018

    ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි තෙවනියට විශාලතම කොටස් හිමියා වූ ලංකා බැංකුව, සිය කොටස් හිමිකාරීත්වය අද (30) දිනයේ දී විකුණා දමන ලදී.

    මෙහිදී ලංකා බැංකුව (Bank of Ceylon - No 2 A/C) සතුව තිබූ ජනශක්ති සමාගමේ කොටස් 10,594,286 ක් රු. 20.00 බැගින් අලෙවි කොට ඇත. මෙය ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි කොටස් හිමිකාරීත්වයෙන් 1.95% කි.

    මෙම ගනුදෙනුවේ විශේෂත්වය වනුයේ මෙය ගිවිසාගත් ගනුදෙනුවක් (Crossing) ලෙසින් නොව සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනුවක් ලෙසින් සිදුකිරීමයි. එම නිසා ජනශක්ති කොටසක මිල අද දිනයේ දී රු. 3.00 කින් ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව 17% ක මිල ඉහළ යාමකි.