January, 30, 2018
කොළඹ කොටස් වෙළෙඳපොළේ කොටස් තැරැව්කාර සමාගමක් ලෙසින් ක්‍රියාත්මක වූ නවාර සිකියුරිටීස් (පුද්) සමාගමේ කටයුතු ස්වෙච්ඡාවෙන් අක්‍රීය කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දෙමින් නවාර සිකියුරිටීස් සමාගම ඉල්ලා සිටින්නේ තම සමාගම භාරයේ ඇති කොටස් ගිණුම් වෙනත් තැරැව්කාර සමාගමක් වෙත මාරු කර ගන්නා ලෙසයි.
පසුගිය වසර කිහිපය පුරාවට පැවති වෙළෙඳපොළ තත්ත්වයන් හමුවේ කොටස් තැරැව්කාර සමාගම් කිහිපයක්ම බලවත් අසීරුතාවන්ට පත්ව ඇති බවත්, සමාගම් කිහිපයකටම දෛනික ද්‍රවශීල අවශ්‍යතාවයන්වත් සම්පූර්ණ කර ගැනීමට නොහැකි මට්ටමටකට පත්ව ඇති බවත් වාර්තා වේ.
මීට පෙර සිය අවම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වූ නේෂන් ලංකා ඉක්විටීස් (පුද්) සමාගමේ වෙළෙඳ කටයුතු 2017 ඔක්තෝබර් 09 දින සිට තහනම් කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කරනු ලැබීය.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් ගනු ලැබූ තීරණයක් අනුව 2011 වසරේ දී කොටස් තැරැව්කරුවන් ලෙසින් කටයුතු කිරීම සඳහා නව සමාගම් 6 කට බලපත්‍ර ලබා දුන් අතර, නවාරා කොටස් තැරැව්කාර සමාගම එලෙස ආරම්භ කරන ලද්දකි.

Video Story