February, 1, 2018
සිය පූර්ණ අනුබද්ධ සමාගමක් වන Janashakthi General Insurance Limited සමාගමේ සියලුම කොටස් විකිණීමට ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී කියා සිටින්නේ මෙම ගනුදෙනුව සම්බන්ධ සාකච්ඡා පිළිබඳ අවසන් අදියරට මේ වන විට පැමිණ ඇති බවයි.
මෙය ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී වෙනුවෙන් සිදුකෙරෙන මහාපාරිමාණ ගනුදෙනුවක් බැවින් ඒ සඳහා සමාගමේ කොටස්කරුවන්ගේ විශේෂ යෝජනා සම්මතයක් ලබා ගැනීමට සමාගම අදහස් කර සිටී.
මේ අතර මෙම ගනුදෙනුවෙන් පසු ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි වෙළෙඳපොළේ ඇති කොටස් යළි මිල දී ගැනීමක් සිදුකිරීමට ද සමාගම බලාපොරොත්තු වන බව වැඩිදුරටත් නිවේදනය කර තිබේ.
Video Story