ඔඩෙල් 2018 වසන්ත විලාසිතා එකතුවෙන් සුන්දර මුහුදු වෙරළ පරිසරයේ විචිත‍්‍රත්වය මවයි

    February, 6, 2018

    විලාසිතා යනුවෙන් හඳුන්වන්නේ අවස්ථාවන්, වේලාවන් සහ ස්ථාන වලට සුදුසු පරිදි ඇඳ පැළඳීම නම් ඔඩෙල් විසින් සුන්දර මුහුදු වෙරළ පරිසරයේ විචිත‍්‍රත්වය උකහා ගනිමින් ඉදිරිපත් කර තිබෙන 2018 වසන්ත විලාසිතා එකතුව මගින් දේශීය සහ විදේශීය පාරිභෝගිකයින්ට තම විලාසිතා රුචිකත්වය පුරවා ගැනීමට කදිම අවස්ථාවක් උදාවී ඇත.

    අඛණ්ඩ වෙරළ තීර නිවාඩු සිරියක් මවන මෙම වසන්ත විලාසිතා එකතුව ඉදිරිපත් කර තිබෙන්නේ වෙරළ පරිසරයේ සුන්දරත්වය විලාසිතා සඳහා නිර්මාණශීලීව යොදා ගනිමිනි. මීට අමතරව, ‘නූතන දියකිඳුරු’ විලාසිතා රැල්ලද මෙම විලාසිතා එකතුවට එක්කර තිබීම කැපී පෙනේ.

    ‘Beyond the Sea’ ලෙස තේමාකර ගත් මෙම නව එකතුව පෙබරවාරි 01 වනදා එළි දක්වන ලදී. මෙම විලාසිතා එකතුව chiffon, crepe, cotton viscose, linen, crushed velvet, sequin silk වැනි රෙදි වර්ග සහ සිකුයින් වලින් හැඩගැන්වු රෙදිපිළි වලින් නිර්මාණය කර තිබේ.

    ඉරි රටා, නිවර්තන කලාපීය රටා සහ ශාඛ රටාවන්ගෙන් හැඩවූ මෙම විලාසිතා එකතුව Balmain, Gucci, Valentino, Prada, Elie Saab, සහ Jason Wu වැනි සුප‍්‍රසිද්ධ නිර්මාණකරුවන්ගේ ආභාශය ලබා ඇති අතර නිල්, රෝස, කොල, රන්, රිදී, කහ, දුඹුරු සහ රතු වර්ණ සංකලනයන්ගෙන් යුක්ත වේ. මෙහිදී, කැපී පෙනෙන්නේ මුහුදේ තිබෙන දිදුලන පැහැයන් සහ හිරු බසින විට තිබෙන සුන්දරත්වය මෙම විලාසිතා එකතුවේ හැඩ වැඩිකර ගැනීමට එක්කර තිබීමයි.

    ‘වසන්තය සෑමදෙනාට උද්යෝගිමත්විය හැකි කාලයක්. එය නිවෙස් වලින් බැහැරට ගොස් මුහුදු වෙරළ පරිසරයේ තිබෙන සුන්දරත්වය විඳගන්නා කාලයක්. අපගේ 2018 වසන්ත විලාසිතා එකතුව සඳහා මෙම තේමාව ලෙස යොදාගෙන තිබෙන්නේ ඒ නිසයි. විශේෂයෙන්ම මේ වනවිට ලෝකයේ ජනප‍්‍රිය ‘දිය කිඳුරු’ රැල්ල අපි මේ සඳහා එකතු කර තිබෙනවාල’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ඔඩෙල් විලාසිතා ජාලය අයත් වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමාගමේ සමූහ අලෙවිකරණ අධ්‍යක්ෂ, ඩෙසිරේ කරුණාරත්න මහත්මිය සඳහන් කළාය. ‘අපි විලාසිතා දකින්නේ ස්වයං අදහස් දැක්වීමේ මාධ්‍යයක් ලෙසයි. ඒ සඳහා මෙම විලාසිතා එකතුව මගින් ඇති තරම් අවස්ථාවන් උදාකර තිබෙනවා.’

    මෙම විලාසිතා එකතුව තුළින් පිරිමි සහ කුඩා දරුවන්ටද විලාසිතා රැසක් ඉදිරිපත් කර තිබෙන අතර මේවා නිවර්තන කලාපීය රටා සහ ලා වර්ණ වලින් සමන්විතයි. මෙම විලාසිතා එකතුවට ගැලපෙන ලෙස ඒ සඳහා පැළඳිය හැකි ආයිත්තම් පෙළක්ද ඔඩෙල් විසින් එළි දක්වා තිබේ.

    මෙම තේමාව සමග යමින් ඔඩෙල් විසින් ගේ දොර උපකරණ පෙළක්ද එළිදක්වා තිබෙන අතර ඔඩෙල් අලෙවිසැල් වෙත පිවිසෙන පාරිභෝගිකයින්ට මුහුදු වෙරළ පරිසරයේ තිබෙන ආශ්වාදය දැනෙන අයුරින් ඒවා ඉතාමත් සුන්දරව සැරසීමටද කටයුතු කර ඇත.

    සේයාරු වලින් දැක්වෙන්නේ ‘Beyond the Sea’ එකතුවේ විලාසිතා කීපයක් සහ කොළඹ 07, ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ පිහිටි ඔඩෙල් ප‍්‍රධාන අලෙවි සැල 2018 එම විලාසිතා තේමාවට අනුව සරසා තිබෙන ආකාරයයි.