මුදල් කොමිෂන් සභාවේ 2016 වාර්ෂික වාර්තාව ජනපතිට පිළිගන්වයි

    February, 16, 2018

    මුදල් කොමිෂන් සභාවේ 2016 වර්ෂය සඳහා වූ වාර්ෂික වාර්තාව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීම ඊයේ (15) දහවල් ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

    මුදල් කොමිෂන් සභාවේ සභාපති උදිත එච්. පලිහක්කාර මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.