සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තත්ත්ව සහතික සඳහා රජයෙන් සහන

    February, 25, 2018

    දේශීය කර්මාන්තවල ඵලදායිතාවය ඉහළ නැංවීම, බලශක්ති කාර්යක්ෂමතාව හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාදීමේ වැඩසටහනක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය විසින් ආරම්භ කොට ඇත.
    ඒ අනුව මෙම වසරේ 01දා සිට වාර්ෂික පිරිවැටුප රුපියල් මිලියන 750ට අඩු සහ සේවක සංඛ්‍යාව 300ට අඩු ආහාර නිෂ්පාදන, කුළුබඩු නිෂ්පාදන, තේ ආශ්‍රිත නිෂ්පාදන, ඇසුරුම්කරණ හා පොල් ආශ්‍රිත නිෂ්පාදන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ISO 9001, ISO 14001,ISO 22000, ISO 50001 යන ජාත්‍යන්තර තත්ත්ව සහතික ලබාගැනීමට අයදුම්කිරීමේ හැකියාව ඇත.
    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකථන අංක 0112 422 319, 0112 432 750 ඇමතීමෙන් හෝ www.industry.gov.lk වෙබ් අඩවිය වෙතින් ලබාගත හැකිය.