සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත සම්මතයි

    March, 23, 2018

    සක්‍රීය බැරකම් කළමණාකරණය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (23) සංශෝධන සහිතව සම්මත විය.

    සක්‍රීය බැරකම් කළමණාකරණය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීම වෙනුවෙන් විද්‍යුත් ඡන්ද ක්‍රමය යටතේ සිදුකළ ඡන්ද විමසීමේදී සිදුවූ තාක්ෂණික දෝෂයක් ‍හේතුවෙන් එම ඡන්ද විමසීම අවලංගු කර නැවත ඡන්ද විමසීම සිදුකිරීමට කතානායක කරූ ජයසූරිය මහතා පියවර ගත්තේය.

    විද්‍යුත් ක්‍රමය යටතේ සිදුකළ ඡන්ද විමසීමේදී සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් කණගාටුව පළකළ කතානායකවරයා පෙළින් පෙල ඡන්ද විමසීම සිදුකරන ලෙස දැනුම් දුන්නේය.ඒ අනුව ඡන්ද විමසීම නැවත සිදුකළේය.