March, 26, 2018
සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී (CIFL) ආයතනයේ සියලුම ගනුදෙනුකරුවන් සිය ගිවිසුම් ප්‍රකාරව ආයතනයට ගෙවිය යුතු සියලුම ගෙවීම් එකඟ වී ඇති ආකාරයට මහජන බැංකුවේ කොළඹ නගරශාලා ශාඛාවේ අංක 167-1-001-0-3398707 දරන ගිණුමේ තැන්පත් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා කියා සිටින්නේ, එළඹගත් ගිවිසුම්වලට අනුකූල ගෙවීම් කටයුතු සිදුනොකරනු ලබන සියලුම ගනුදෙනුකරුවන්ට එරෙහිව එකී ගිවිසුම් ප්‍රකාරව නීතිමය පියවර ගනු ලබන බවයි.

Video Story