රුපියල් මිලියන 322 ක අක්ෂි කාච කොන්ත්‍රාත්තුව Vision 2000 ට

    March, 27, 2018

    ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මවලදී ඇසට බද්ධ කිරීම සඳහා භාවිත කරනු ලබන හයිඩ්‍රොෆෝබික් අන්තඃඅක්ෂි කාච 18,600ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 322.84ක මුදලකට, M/s. Vision 2000 (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.