ආසන 7 මරුටි Wagon R වගතුග මෙන්න

    March, 27, 2018

    මරුටි Wagon R මෝටර් රථ මාදිලියේ නවතම කාණ්ඩයක් ලෙසින් ආසන 7 කින් (Maruti Wagon R 7-Seater) සමන්විත මෝටර් රථයක් නිෂ්පාදනය සඳහා Maruti Suzuki India Limited හි අවධානය යොමුව තිබේ.

    2018 වසරේ සැප්තැම්බර් මාසයේ දී මෙම මරුටි Wagon R රථයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමටත් මෙම වසරේ ම නොවැම්බර් වන විට එය වෙළෙඳපොළට හඳුන්වා දීමටත් ඔවුන් බලාපොරොත්තු වේ.

    2014 වසරේ පැවති Auto Expo මෝටර් රථ ප්‍රදර්ශනයේ දී මුල් වරට ආසන 7 කින් සමන්විත මරුටි Wagon R මෝටර් රථයක් ප්‍රදර්ශනය කර තිබේ.

    මෙහි මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 4 සිට 6 දක්වා වන බව වාර්තා වේ.

    මෙම මෝටර් රථයේ පහත සඳහන් විශේෂාංග අන්තර්ගත වීමට නියමිතය.
    • Touchscreen Infotainment System,
    • Automatic Climate Control
    • Electrically Adjustable ORVMs
    • Power Windows on all 4 doors
    • Reverse Parking Camera