ජාතිය ගොඩනැඟීමේ බද්ද – මත්පැන් මත පනවද්දී පැරෂුට්වලින් ගලවයි

    March, 28, 2018

    2018 අය වැය මඟින් යෝජනා කරන ලද පහත දැක්වෙන සංශෝධන ඇතුළත් කරමින් 2009 අංක 9 දරන ජාතිය ගොඩනැඟීමේ බදු පනත සංශෝධනය කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    * මත්පැන් මත පනවා ඇති අනෙක් බදුවලට අතිරේකව මත්පැන් මත ජාතිය ගොඩනැඟිමේ බද්ද පැනවීම.

    * පහත සඳහන් සේවා හා භාණ්ඩ මත වූ ගොඩනැඟිමේ බදු ඉවත් කිරීම.

    (අ) කෘෂිකාර්මික කටයුතු සඳහා උසස් තාක්ෂණය යොදා ගැනීමේ අරමුණින් හරිතාගාර, පොලි ටනල්ස් හා හරිතාගාර ඉදිකිරීම සඳහා භාවිතා වන උපාංග.

    (ආ) පොල් තෙල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන.

    (ඇ) කපා ඔපදමා ප්‍රති අපනයනය කිරීමේ අරමුණින් ආනයනය කරනු ලබන මැණික් ගල්.

    (ඈ) ඔරු පැදීම, කයාක්ස්, කයිට් සර්ෆින්ග්ස්, කිමිදීම ආදී ජල ක්‍රීඩා සඳහා අවශ්‍ය මෝටර් මඟින් ක්‍රියාත්මක නොවන ක්‍රීඩා උපකරණ හා උපාංග.

    (ඉ) එල්ලී යන ග්ලයිඩර්, බැලුන, පැදවිය හැකි ගුවන් යානා (ඩිරිජිබර්), පැරෂුට්, පැරා-ග්ලයිඩර් ආදී ගුවන් ක්‍රීඩා සඳහා අවශ්‍ය බල ගැන්වීම් අවශ්‍ය නොවන ක්‍රීඩා උපකරණ හා උපාංග.

    (ඊ) ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය මඟින් සපයනු ලබන සේවාවන්.