March, 29, 2018
කොකා-කෝලා සමාගමේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරි ජේම්ස් ක්වින්සි මහතා සිය ප‍්‍රථම ශ‍්‍රී ලංකා සංචාරයේ දී ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැසිණ. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කැප වන බව සහතික කරමින් කොකා-කෝලා සමාගම සහ එහි ඇසුරුම් හවුල්කරුවා ඊළඟ පස් වසර තුළ දී රටේ පරිසර පද්ධතියට ඇමරිකානු ඩොලර් මිලියන 50ක් ප‍්‍රධානය කරන බවට පොරොන්දු වූහ.
ක්වින්සි මහතා සිය තනතුර භාර ගත් පළමු වසරේ දී ම ශ‍්‍රී ලංකාවේ චාරිකා කිරීම සමාගම රට වෙනුවෙන් අඛණ්ඩව කරන කැප වීම පිළිබිඹු කරන්නකි. එමෙන් ම මෙම චාරිකාව සිදු වූයේ අප රටේ තරුණ පරපුරේ සහ පාපන්දු ප‍්‍රජාවේ සිත් ඇද බැඳ ගත් 2018 ජනවාරි මස පැවති කොකා-කෝලා ෆිෆා ලෝක කුසලාන සංචාරය තරගාවලියෙන් අනතුරුව වීම ද සැලකිය යුතු කරුණකි.
කොකා-කෝලා යනු ලොව පවත්නා ප‍්‍රමුඛතම පාරිභෝගිික සන්නාමවලින් එකකි. එය පි‍්‍රයතම කොකා-කෝලා පානය සහ පලතුරු බීම වර්ග ද කිරි නිෂ්පාදන සහ තේ හා කෝපි ද යන සෑම පාන වර්ගයක් ම පාහේ සම්පාදනය කරයි. 1961 වසරේ සිට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන කොකා-කෝලා සමාගම ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබා දී ඇත.
Video Story