April, 3, 2018
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන පෑන්ඒෂියන් පවර් පීඑල්සී හි 5 වැනියට විශාලතම කොටස් හිමියා වූ අසෝක් පතිරගේ මහතාගේ කොටස් හිමිකාරීත්වය අද (03) දින විකුණා දමා තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ගිවිසා ගත් (Crossing) ගනුදෙනුවක් ලෙසින් සිදු වූ මෙම කොටස් හුවමාරුවේ දී පෑන්ඒෂියන් පවර් සමාගමේ කොටස් මිලියන 11 ක් රු. 2.80 බැගින් අලෙවි කෙරුණි.
මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 30.8 කි.
2002 වසරේ දී ආයෝජන මණ්ඩල අනුමත ව්‍යාපෘතියක් ලෙසින් ආරම්භ වූ පෑන්ඒෂියන් පවර් සමාගම කුඩා ජලවිදුලි බලාගාර 3කට හිමිකම් කියනු ලබයි.
Video Story