April, 10, 2018
2018 වසරේ පළමු මාස 03 ඇතුළත දී මෙරටට පැමිණ ඇති විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 707,924 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.
මෙහිදී පසුගිය මාර්තු මාසය තුළ දී 233,352 ක සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති අතර එය පසුගිය වසරේ මාර්තු මාසය හා සැසඳීමේ දී 24.1% ක ඉහළ යාමකි. සමස්තයක් ලෙස ගත් කල, වසරේ මුල් මාස 03 හි පැමිණි සංචාරකයින් සංඛ්‍යාෙවහි 17.1% ක ඉහළ යාමක් වාර්තා වී තිබේ.
2018 මාර්තු මාසයේ පැමිණි ඉන්දීය සංචාරකයින් සංඛ්‍යාවෙහි 13% ක වර්ධනයක් වාර්තා වන අතර එම ප්‍රමාණය 27,075 කි. කෙසේ වෙතත් මාර්තු මාසය තුළ දී පැමිණ ඇති චීන සංචාරකයින් ප්‍රමාණයෙහි 4.8% ක අඩුවීමක් වාර්තා වෙන අතර එම සංඛ්‍යාව 22,172 ක් ලෙසින් සටහන් වේ.
මේ අතර 2018 මාර්තු මාසය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව සැලකීමේ දී එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් 56.1% කින්, ජර්මානු සංචාරකයින් 60.6% කින්, ඕස්ට්‍රේලියානු සංචාරකයින් 60.2% කින් හා ඇමරිකානු සංචාරකයින් 83.3% කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.


Video Story