ඔස්ට්‍රේලියා PR බාරගැනීම අඩු කිරීමේ තීරණයක්

    April, 13, 2018

    ඔස්ට්‍රේලියානු වීසා අනුමත ක්‍රියාවලිය දැඩි කිරීම හේතුවෙන් එහි ස්ථිර පදිංචිය සඳහා වූ සංක්‍රමණිකයින් බාරගැනීමේ අඩු වීමක් සිදුවිය හැකි බව SBS පුවත් සේවය වාර්තා කර සිටී. අදාළ ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා වූ සංක්‍රමණික වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියාවට බාරගනු ලබන සංක්‍රමණිකන්ගේ ප්‍රමාණයෙහි අඩුවීමක් සිදුවනු ඇති බව වාර්තා වේ.

    මේ අනුව ස්ථිර පදිංචිය සඳහා වූ සංක්‍රමණික වැඩසටහන යටතේ වාර්ෂිකව ඔස්ට්‍රේලියාවට බාර ගන්නා සංඛ්‍යාව 2010 වසරේ මුල් බාගයේදී තිබු අගයට සමාන වනු ඇතැයි සඳහන්.

    The Australian පුවත්පත වාර්තා කරන අන්දමට 2017-18 කාලයේ මෙරට ස්ථිර පදිංචිය සඳහා වූ සංක්‍රමණිකයින් වාර්ෂික බාරගැනීම 190,000 සිට 160,000 ත්  170,000 ත් අතර දක්වා අඩු විය හැකි බවට අපේක්ෂා කෙරේ.

    ඔස්ට්‍රේලියානු වීසා අනුමත කිරීමේ ක්‍රියාවලිය දැඩි කිරීම හේතුවෙන් මේ වසරේදී  ස්ථිර පදිංචිය සඳහා වූ සංක්‍රමණිකයින් බාරගැනීමේ වාර්ෂික ප්‍රමාණය අඩු වන බව ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton තහවුරු කර ඇත.

    ස්ථිර පදිංචිය සඳහා වූ සංක්‍රමණිකයින් බාරගැනීමේ වාර්ෂික ප්‍රමාණය 160,000 දක්වා පහත හෙලුවහොත් එය 2007 - 08 කාලයේ පටන් මේ දක්වා වාර්තාවූ සංක්‍රමණිකයින් බාරගැනීමේ පහළම වාර්ෂික අගය ලෙසද වාර්තා වේ.

    Video Story

    Stock Market

    Exchange Rates