April, 16, 2018
Sierra Power (Pvt) Ltd සමාගමේ සම්පූර්ණ නිකුත් කළ ප්රාග්ධනය සමන්විත වූ ඡන්ද බලය හිමි කොටස් 8,680,003 ක් මිල දී ගැනීමට Resus Energy PLC පසුගිය දා කටයුතු කරනු ලැබීය.
මේ සඳහා Resus Energy PLC ආයෝජනය කළ මුළු මුදල රුපියල් මිලියන 180 කි.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ මෙගාවොට් 2.0 ක ධාරිතාවයකින් යුතු කුඩා ජලවිදුලි බලාගාරය ව්‍යාපෘතියක් සඳහා Sierra Power (Pvt) Ltd හට මේ වන විට අනුමැතිය ලැබී තිබේ.
Resus Energy PLC සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය ACL Cables PLC සතුවන අතර එය සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 31.71%.
Video Story