May, 1, 2018
හැටන් නැෂනල් බැංකු සමාගමේ නව සභාපතිවරයා ලෙසින් දිනේෂ් වීරක්කොඩ් මහතා පත් කර තිබේ. මෙම පත්කිරීම 2018 මැයි 26 දින බලපැවැත්වීමට නියමිතය.
හැටන් නැෂනල් බැංකුවේ වත්මන් සභාපතිවරයා වන ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා 2018 මැයි 25 දින අදාළ තනතුරින් විශ්‍රාම යාමට නියමිතය.
දිනේෂ් වීරක්කොඩි මහතා හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වේ.
ශ්‍රී ලංකා මානව සම්පත් සංවර්ධන කවුන්සිලයේ වත්මන් සභාපතිවරයා වන ඔහු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන ගණනාවකම ප්‍රධාන තනතුරු හොබවා තිබේ. දිනේෂ් වීරක්කොඩි මහතා කොමර්ෂල් බැංකුවේ සහ සේවානියුක්තියන්ගේ භාරකාර අරමුදලේ හිටපු සභාපතිවරයා ද වේ.
Video Story