ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව ඩොලර් මිලියන 27 ක් මෙල්වා හොටේල්ස් හි ආයෝජනය කරයි

    May, 3, 2018

    ලෝක බැංකුවේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව (IFC) විසින් මෙල්වා හොටේල්ස් හි ඇමරිකානු ඩොලර් මිලියන 27 ක ආයෝජනයක් සිදුකරනු ලබන බව නිවේදනය කර සිටී.

    මෙම ආයෝජනය මගින් යාල, කොස්ගොඩ හා මීගමුව යන ප්‍රදේශවල නවතම හෝටල් 3 ක් ගොඩනැගීමට නියමිතය. මෙකී හෝටල්වල මෙහෙයුම් කටයුතු හිල්ටන් හොටේල්ස් විසින් සිදුකරනු ඇත.

    මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව වැඩිදුරටත් කියා සිටින්නේ, මෙම ආයෝජනය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩිදුයුණු කිරීමට, නව රැකියා නිර්මාණය කිරීමට හා විදේශ විනිමය උත්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙනු ඇති බවයි.