සොෆ්ට්ලොජික් – Délifrance එක්වෙයි

    May, 4, 2018

    ආහාරපාන ක්ෂේත්‍රෙය් ලොව ප්‍රසිද්ධ සමාගමක් වන Délifrance හි මෙරට මෙහෙයුම් කටයුතු පවත්වා ගෙන යාම සඳහා සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට් (පුද්) සමාගම වෙත පූර්ණ නියෝජිතත්වය හිමි වී තිබේ. Délifrance ප්‍රංශයේ ලියාපදිංචි සමාගමකි.

    මේ සඳහා අදාළ ගිවිසුම් 2018 මැයි 02 වන දින සම්පූර්ණ කරන ලද බව සොටේලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    මේ අනුව Délifrance ශාඛා ශ්‍රී ලංකාව තුළ විවෘත කිරීම හා පවත්වාගෙන යාම සඳහා පූර්ණ අධිකාරිය සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට් (පුද්) සමාගම වෙත හිමිවනු ඇත.

    වර්තමානයේ දී Burger King සහ Baskin-Robbins ජාත්‍යන්තර වෙළෙඳ දාමයන් හි ශ්‍රී ලංකාවේ පරම නියෝජිතත්වය ද සතුවන්නේ සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට් (පුද්) සමාගම සතුවය.