මුදල් ප්‍රතිපත්ති විවරණය සිකුරාදා

    May, 8, 2018

    2018 වසරේ තුන්වන මුදල් ප්‍රතිපත්ති විවරණය මැයි මස 11 වන දින පෙරවරු 7.30 ට නිවේදනය කරනු ලබන ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

    පසුගිය අප්‍රේල් 04 දා ප්‍රකාශයට පත්කරන ලද 2018 වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය තුළින් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 25 කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කර තිබිණි.

    උද්ධමනයෙහි සහ උද්ධමන අපේක්ෂාවන්හි හිතකර වර්ධනයන් මෙන්ම, ආර්ථිකයට ළඟා විය හැකි උපරිම වර්ධන මට්ටම සහ පවත්නා වර්ධන මට්ටම අතර පරතරය පුළුල් කිරීමට හේතු වූ සාපේක්ෂව අඩු මූර්ත ද.දේ.නි. වර්ධනය පිළිබඳ අවධානය යොමු කරමින් 2018 අප්‍රේල් මස 03 වැනි දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝවේ ඉහළ සීමාව වන නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 25 කින් අඩු කිරීමට තීරණය කළ බව එහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටියේය.