May, 10, 2018
අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන ඉන්ධන මිල ඉහළ යාම, මිල සූත්‍රයක් අනුව සිදුකරන ලද්දක් නොවන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ඉන්ධන පිළිබඳව ඊයේ අපි රැස්වුණා. නැවත කැබ්නට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් තිබුණා. ඒකේදි අපි බැලුවා, අපි බලයට පත්වෙන විට කීයද ඉන්ධන මිල තිබුණේ. දැන් අවුරුදු 3 ක් ගිහිල්ලා තිබෙනවා. එදාට වඩා කොච්චර ඉන්ධන මිලක් අඩුවට තිබුණද. ඒක නිසා පහුගිය කාලේ ඉන්ධන මිල නැවත වැඩිවීම නිසා වූ අලාභය. මේ ඔක්කොම ගණනය කරලා තමයි, අපි තීන්දුවකට ආවේ අලුත් මිල ගැන.“
“ඒක මිල සූත්‍රයක් නෙමෙයි, මිල සූත්‍රයක් ඒකේ ප්‍රතිශත ගාණක්, විදියක් තියෙන්න එපැයි. එහෙම එකක් නැහැ.“
“අපි අවසානයේ දී ගත්ත මිල ප්‍රමාණවල් තමයි තීන්දු කර ගත්තේ.“
කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමෙහි 4 වැනි සමාලෝචනය නිලධාරී මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති බවත්, ස්වයංක්‍රීය ඉන්ධන මිල සූත්‍රය අනුමත කිරීම මත, 2018 ජූනි මාසයේ දී එහි පස්වැනි ණය වාරිකය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත්ය.
අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන නව ඉන්ධන මිල ගණන් පහත පරිදි වේ.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල මිල රු. 20 කින් ඉහළට. නව මිල රු. 137 යි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මිල රු. 20කින් ඉහළට. නව මිල රු. 148 යි.
ඔටෝ ඩීසල් ලීටරයක රු. 14 කින් ඉහළට. නව මිල රු. 109 යි.
සුපර් ඩීසල් ලීටරයක රු. 09 කින් ඉහළට. නව මිල රු. 119 යි.
භූමිතෙල් ලීටරයක මිල රු. 57 කින් ඉහළට. නව මිල රුපියල් 101 යි.
ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න අමාත්‍යවරයා පළකළ අදහස් පහතින් නැරඹිය හැකිය.
Video Story