සුරැකුම්පත් කොමිසමේ නව සභාපති පත් කිරීම ලබන සතිය මුල දී

    May, 10, 2018

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපතිවරයා ලෙසින් රනෙල් විජේසිංහ මහතා පත් කිරීමට යෝජනා වී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද (10) පැවති මාධ්‍ය හමුවක දී අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව තහවුරු කළේය.

    එසේම සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ තිලක් කරුණාරත්න මහතා තවදුරටත් එම තනතුර හොබවන්නේ නැති බව මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය විය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා පැවසුවේ, අනුමැතීන් කිහිපයක් ගත යුතුව ඇති බවත් එළඹෙන සතිය මුල දී මෙම නව පත්කිරීම් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් සිදුකරනු ලබන බවත්ය.