May, 15, 2018
ඇමරිකානු ඩොලරයේ රුපියල් අගය 160 දක්වා ඉහළ ගොස් තිබීම හොඳ දෙයක් නම් එය 360 ක් කරන්න යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අද පැවති හමුවක දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී අදහස් දක්වමින් රවී කරුණානායක මහතා කියා සිටියේ “අපි ලෙඩේ දන්නවා, නමුත් බෙහෙත කොහොමද දෙන්නේ කියන එකයි නොදන්නේ“, යනුවෙනි. වැඩිදුරටත් ඔහු මෙසේ අදහස් දැක්වීය.
“අපි ලෙඩේ දන්නවා, නමුත් බෙහෙත කොහොමද දෙන්නේ කියන එකයි නොදන්නේ. අපේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපහසුතාවයට පත්කරන මහ බැංකුවේ කට්ටිය, ආණ්ඩු වෙනස් වුණත් මේ හොල්මන් අවතාර තාම එතන තිබෙනවා. ඒ කාලේ ඔය වගේ කොලප්පම් කරන්නට ඉඩ දුන්නේ නැත. ඒ නිසා තමයි අද රුපියල බාල්දු වෙන්න දීලා තියෙන්නේ.“
“ඒ විතරක් නෙමෙයි, මේ අවස්ථාවේ දී අපි විදේශ සංචිත ඇති කරන්න හදනවා. ඒකට කෝටි 2,500 ක් සීයට 7 පොළියට අරං, මේක සංචිත වශයෙන් සීයට 2 ට තියලා, මේ වගේ අලාභයක් ඇති කරන්න ඉඩ දීලා තියෙන මහ බැංකුව තමයි ආර්ථිකයක් ගැන කතා කරන්න හදන්නේ.“
“මේ අවස්ථාවේ රුපියල පාවෙන්න ඉඩ දීලා තියෙනවාලු. මහ බැංකු අධිපති හා ඇතැම් දේශපාලඥයෝ කියනවා මේක හොඳයි කියලා. එච්චර හොඳ නං 160 නෙමෙයි 320 කරන්නකෝ. මේ වගේ අදක්ෂ, කිසිම ප්‍රායෝගික දැනුමක් නැති කට්ටිය, මේ රටේ හැම රුපියලක්ම බාල්දු වෙන කොට ඒක රුපියල් බිලියන 40 ක්, කෝටි 4000 ක් ඒ අයවැයට වියදම් වෙන්න තිබෙනවා. රුපියල අඩුවෙන්න අඩුවෙන්න රටට සතක් වෙන්නේ කොහොමද කියන එක මම දන්නේ නැහැ.“
“සීයට 68 ක් ආනයනය කරන රටක, අත්‍යවශ්‍ය අපනයන භාණ්ඩ නැති රටක මේක කොයි ආකාරයෙන් ද උදව් වෙන්නේ කියන එක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නය.“
“ලෙඩේ දන්නවා, බෙහෙත දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ.“
Video Story