May, 18, 2018
වර්තමානයේ ආර්ථිකයේ පවතින මූලධර්මයන්ට අනුව, ශ්‍රී ලංකා රුපියල මත ඇති වී තිබෙන ආකාරයේ අවප්‍රමාණය වීමේ පීඩනයක් ඇති විය නොහැකිය. වර්තමානයේ දී දළ විදේශීය සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 9.1ක හිතකර මට්ටමක පවතින අතර මූර්ත සඵල විනිමය අනුපාතික දර්ශක මගින් රුපියලේ තරගකාරිත්වය පිළිබිඹු කෙරේ.
එබැවින්, විනිමය අනුපාතිකය මත ඇති වී තිබෙනුයේ අනිසි පීඩනයකි.
දැනට පවතින සංචිත ප්‍රමාණය පහත දැක්වෙන ලැබීම් මගින් තවදුරටත් ඉහළ නැංවෙනු ඇත.
නම්‍යශීලී විනිමය අනුපාතික කළමනාකරණය පවත්වා ගෙන යන අතරතුර ම, පවතින ආර්ථික මූලධර්මයන් මගින් සාධාරණීකරණය කළ නොහැකි ආකාරයට රුපියල අනවශ්‍ය පරිදි අවප්‍රමාණය වීම වළකමින් රුපියල අධිප්‍රමාණය වීමට සැලැස්වීම සඳහා මහ බැංකුවට, පෙර නොවූ පරිදි විශාල ප්‍රමාණයක වූ සිය සංචිතවලින් කොටසක් භාවිතා කිරීමේ හැකියාව පවතී.
Video Story