ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසාන දිනය අදයි

    May, 20, 2018

    ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය සිව්වැනි වරටත් සංවිධානය කරනු ලබන ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසාන දිනය අදයි. මෙය පසුගිය 18 දා ආරම්භ විය. පෙරවරු 10.00 සිට පස්වරු 8.00දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.
    ප්‍රදර්ශන කුටි 300කට අධික ප්‍රදර්ශනකරුවන් සහභාගිවන මෙම ප්‍රදර්ශනය ක්ෂේත්‍රයේ ප්‍රවීණ පාර්ශවකරුවන් මෙන් ම තීරණ ගනු ලබන්නන්ද ඒකරාශි කරමින් නව සබඳතා ගොඩනැගීමටත් ව්‍යාපාර අවස්ථා ලබාගැනීමටත් නව නිෂ්පාදන හා නවීන තාක්ෂණික දැනුම පිළිබඳ අවබෝධනය ලැබීමටත් වේදිකාවක් සපයනු ඇත.