May, 23, 2018
ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී (කැල්ටෙක්ස්) සමාගමේ කළමනාකාර අධ්යක්ෂ/ ප්රධාන විධායක නිලධාරී කිෂූ ගෝමස් මහතා එම සමාගමේ සියලු තනතුරින් වහාම ක්රියත්මක වන පරිදි ඉල්ලා අස් වී තිබේ. කළමනාකාර අධ්යක්ෂ/ ප්රධාන විධායක නිලධාරී තනතුරුවලට අමතරව ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද ඔහු කටයුතු කළේය.
මේ අතර ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී හි වැඩබලන කළමනාකාර අධ්යක්ෂ/ ප්රධාන විධායක නිලධාරී තනතුර සඳහා රෝචනා කොවුල් මෙනවිය පත් කර ඇති බව සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ඒසියා/ පාකිස්තාන කලාපයේ සාමාන්යාධීකාරීවරිය ලෙසින් ඇය මේ වන විට කටයුතු කරනු ලබයි.
මේ අතර හිටපු කළමනාකාර අධ්යක්ෂ/ ප්රධාන විධායක නිලධාරී කිෂූ ගෝමස් මහතා හෝ වත්මන් වැඩබලන කළමනාකාර අධ්යක්ෂ/ ප්රධාන විධායක නිලධාරිනී රෝචනා කොවුල් මෙනවිය, සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයකට හිමිකම් නොකියනු ලබන බව ද ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වැඩිදුරටත් දැනුම් දී සිටී.
Video Story