June, 28, 2018
ඉන්ධන මිලගණන් සඳහා පිරිවැය පාදක කරගත් මිල සූත්‍රයක් හඳුන්වා දීමටත් එය 2018 මැයි මස 11 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමටත්, පෙර මාස දෙකෙහි ජාත්‍යන්තර මිලගණන් මත පදනම්ව තුන්වන මාසයේ 5 දිනට ඉන්ධන මිල යාවත්කාලීන කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ ඇත.
එම මිල සූත්‍ර ක්‍රමවේදය වඩාත් විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීම පිණිස භාණ්ඩාගාරයේ සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරින්ගෙන් සමන්විත නිල කමිටුවක් සංස්ථාපනය කිරීමටත්, එම කමිටුව විසින් සෑම මාස 03කට වරක් එළඹෙන 05 වන දිනයේදී වාහන සඳහා භාවිතා කරනු ලබන පෙට්‍රල් හා ඩීසල් මිල යාවත්කාලීන කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story