ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියට Dialog 4G Home Broadband අනුග‍්‍රාහක සවිය සපයයි

    August, 16, 2018

    ආසියානු වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන් සහ ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධානයෙන් ලබන සැප්තැම්බර් මාසයේදී කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත පළමු ආසියානු අභියෝගතා කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලිය සඳහා අනුග‍්‍රාහක සවිබලය සැපයීමට සුපිරි අධිවේගී Dialog 4G Home Broadband   ඉදිරිපත්ව සිටියි.

    රටවල් 8ක සහභාගීත්වයෙන් සැප්තැම්බර් 15 වැනිදා ඇරඹෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය සැප්තැම්බර් 22 වැනිදා ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට යෙදී තිබේ.

    ආසියානු කලාපීය රටවල් අතර වොලිබෝල් තරගකාරීත්වය වැඩිදියුණු කිරීමේ සංකල්පයට අනුව ආසියානු වොලිබෝල් සම්මේලනය විසින් පළමු වරට පවත්වන්නට යෙදෙන මෙම තරගවාලිය සඳහා මැලේසියාව, හොංකොං, සවුදි අරාබිය, එක්සත් අරාබි එමිරේට්ස්, බංගලිදේශය, මොංගෝලියාව සහ ඉරාකය සමග සත්කාරක ශ‍්‍රී ලංකාව තරග වදිති.