සෙලාන් බැංකුවේ 170 වන ශාඛාව ඇහැළියගොඩ දී විවෘත වේ

    September, 21, 2018

    164 වැනි පැහැසර පුස්තකාලය ඇහැළියගොඩ ප‍්‍රාථමික විද්‍යාලයීය අයිතියට

    සෙලාන් බැංකුවේ 170 වන ශාඛාව පසුගියදා ඇහැළියගොඩදී විවෘත කරන ලදි. ශ‍්‍රී ලංකාවේ සියලූම දෙනාට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමේ හැකියාව උදාකර දීමේ උත්සාහයේ එක් පියවරක් වශයෙන් සෙලාන් බැංකුව මෙසේ තම ශාඛා ජාලය පුළුල් කිරීමට පියවර ගෙන ඇත. ඇහැළියගොඩ නව සෙලාන් බැංකු ශාඛාව අංක 65, අවිස්සාවේල්ල පාර, ඇහැළියගොඩ යන ස්ථානයේ පිහිටා තිබේ.

    ඇහැළියගොඩ ප‍්‍රදේශයේ සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට මෙන්ම සමාගම් හා ආයතන වලටද මෙම නව ශාඛාව මගින් බැංකු සේවාවන් ලබාගත හැකි වේ. ජංගම හා ඉතුරුම් ගිණුම්, ස්ථාවර තැන්පතු, නිවාස ණය, ලීසිං, උකස් සේවා, ක්‍රෙඩිට් කාඞ්පත්, මුදල් පේ‍්‍රෂණ, NRFC/RFC ගිණුම් ඇතුළු තවත් සේවාවන් රාශියක් මෙහිදී ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

    තම ඉතිහාසය පුරා සෙලාන් බැංකුව මෙරට බැංකු ක්ෂේත‍්‍රයට පුරෝගාමී හඳුන්වා දීම් රැුසක් සිදුකර ඇති අතර සාමාන්‍ය බැංකු සේවා සහ අන්තර්ජාල බැංකු සේවා වැඩිදියුණු කරමින් ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් හා උසස් සේවාවක් සැලසීම සඳහා බැංකුව විශාල වශයෙන් ආයෝජනයන් සිදුකර තිබේ. මෙම වසරේදී සිය 30 වැනි සංවත්සරය අභිමානයෙන් සමරන ‘සුහද හදක් ඇති දේශීය බැංකුව’ වන සෙලාන් බැංකුව ඉදිරියේදීද නැවුම් ආකාරයේ සේවාවන් රාශියක් ජනතාව වෙනුවෙන් හඳුන්වා දීමට සූදානමින් සිටී.

    මීට අමතරව 164 වැනි පැහැසර පුස්තකාලය ඇහැළියගොඩ ප‍්‍රාථමික විද්‍යාලය වෙත භාරදීමද පසුගියදා සිදුකෙරිණි. සෙලාන් බැංකුවේ ප‍්‍රමුඛතම ප‍්‍රජා සත්කාර වැඩසටහනක් වන ‘සෙලාන් පැහැසර’ වැඩසටහන ග‍්‍රාමීය පාසල් වල පහසුකම් නංවමින් ඒවාට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමේ අරමුණ මූලික කරගෙන ක‍්‍රියාත්මක වේ.

    ඡායාරූප: සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ශාඛා චිත‍්‍රාල් ද සිල්වා මහතා ඇහැළියගොඩ සෙලාන් බැංකු ශාඛාව විවෘත කළ අවස්ථාව

     

    සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ශාඛා චිත‍්‍රාල් ද සිල්වා මහතා 164 වැනි සෙලාන් පැහැසර පුස්තකාලය ඇහැළියගොඩ ප‍්‍රාථමික විද්‍යාලය වෙත භාරදුන් අයුරු