වයිබර් කණ්ඩායම් සංවාද මෙන්ම පොදු අවකාශයේ ඡන්ද විමසීම් වෙනුවෙන් නව විශේෂාංගයක් හඳුන්වාදෙයි

    January, 10, 2019

    ප්‍රමුඛතම ගෝලීය අන්තර්ජාල කෙටි පණිවුඩ සේවාව වන වයිබර්, සිය නවතම විශේෂාංගය වන වයිබර් පෝල්ස් (Viber Polls) පසුගියදා එළිදැක්වීය.
    ලොව පුරා බිලියනයකට වැඩි පිරිසක් භාවිතා කරන වයිබර් කෙටි පණිවුඩ සේවාව මගින් හඳුන්වා දුන් මෙම වයිබර් පෝල්ස් විශේෂාංගය මගින් සෑම කෙනෙකුටම තම හඬ ලොවට එක් කිරීමටත්, වැදගත් මාතෘකා සම්බන්ධයෙන් තම අදහස් පළකිරීමටත් අවස්ථාව උදාවේ.

    මේ හරහා යම් මාතෘකාවක් සම්බන්ධයෙන් අදහස් විමසීම ඉතා සරල කටයුත්තකි. එහිදී චැට් මෙනුවේ ඇති පෝල්ස් අයිකනය එබීමෙන් අනතුරුව අදහස් විමසීමට බලාපොරොත්තු වන මාතෘකාවත් ඉන්පසු ඊට අදාළ වරණ 10ක් දක්වා යෙදීමටත් වයිබර් භාවිතා කරන්නන්ට හැකියාව ඇත.

    වයිබර් භාවිතා කරන්නන් හට මෙම විශේෂාංගය හරහා එකිනෙකාගේ අදහස් විමසීමට මෙන්ම තම තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට ද ඉඩකඩ හිමිවේ. නිදසුන් ලෙස යම් සාකච්ඡාවක්, මිතුරෙකුට ලබාදෙන ත්‍යාගයක්, රාත්‍රී සාදයක් මෙන්ම පවුලේ චාරිකාවක් පිළිබඳ වුවද විනෝදාත්මක අයුරින් එකිනෙකාගේ අදහස් විමසීමට මෙමගින් අවස්ථාව උදාවේ.

    සෑම වරණයක් ඉදිරිපිටම ඇති හදවත් ලකුණ එබීමෙන් අදාළ වරණයට මනාපයක් ඉදිරිපත් වේ. එසේ හදවත් ලකුණ ඔබන වාරයක් පාසා අදාළ වරණයට ඇති මනාප සංඛ්‍යාව ඉහළ යයි. සමූහ සංවාදයකදී ඒ ඒ වරණය මත එබීමෙන් ඊට මනාපය පළකර ඇත්තේ කවුරුන්ද යන්න දැනගත හැක.

    මේ අතර පොදු ග්‍රාහක මනාප විමසීමේ අවස්ථාව සඳහා ද වයිබර් භාවිතා කරන්නන්ට අපහසුවකින් තොරව සම්බන්ධ විය හැක. කෙසේ වුවද එහිදී මනාපය පළ කරන්නන්ගේ පුද්ගලිකත්වයට වැඩි තැනක් හිමිවන අතර ඔවුන්ගේ ඡන්ද නිර්නාමිකව සටහන් කරගනු ලැබේ. සුපිරි ඇඩ්මින්වරුන්ට සහ ඇඩිමින්වරුන්ට පමණක් වෙනත් සුපිරි ඇඩ්මින්වරු හා ඇඩ්මින්වරු ඡන්දය භාවිත කර ඇති අයුරු දැකගැනීමේ අවස්ථාව හිමිවේ.

    වයිබර් මෙසේ දියත් කරන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සෙසු සමාජ ජාල කරා ද ව්‍යාප්ත කරතිබීම විශේෂත්වයකි. ඒ අනුව ෆේස්බුක් භාවිත කරන්නන්ට ද තමන්ගේ කණ්ඩායම් සංවාදවලට මෙන්ම පොදුවේ ප්‍රශ්න හෝ මාතෘකා ඉදිරිපත් කර ඡන්ද විමසීමක් සිදුකළ හැක. එ්වාට අදාළ ප්‍රතිඵල ඒ මොහොතේදීම සංවාදය තුළින් දැකගත හැක. එය https://vb.me/d75bf0 හරහා පරීක්ෂා කරබැලිය හැක.

    ඒ අයුරින්ම ට්විටර් හරහා ද ඡන්ද විමසීමක් සිදුකර කණ්ඩායම් සංවාදයකින් හෝ පොදුවේ හෝ ලබාගන්නා මනාප ඒ මොහොතේදීම සංවාදය හරහා දැකගත හැක. එය https://vb.me/8a7f3b හරහා පරීක්ෂා කරබැලිය හැක.

    යූ ට්යුබ් හරහා ද කණ්ඩායමක් හෝ පොදුවේ හෝ වශයෙන් සිදුකරන ඡන්ද විමසීම්වලින් ඒ මොහොතේදීම ප්‍රතිඵල ලද හැක. https://vb.me/1e10d8 හරහා එවැනි ඡන්ද විමසීමක් නිර්මාණය කිරීමට පුළුවන.