උතුරේ සංවර්ධනයට නෙදර්ලන්තයෙන් යුරෝ මිලියන 54.45ක්

    January, 17, 2019

    උතුරු පළාතේ සෞඛ්‍ය පහසුකම් හා සේවා වැඩිදියුණු කිරීම යටතේ කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල්වල සහ පේදුරුතුඩුව හා මාන්කුලම් මූලික රෝහල්වල සෞඛ්‍ය සත්කාරක පහසුකම් වැඩිදියුණු කිරීමට යෝජනා වී තිබේ.

    මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය යුරෝ මිලියන 54.45ක් වන අතර එම ආයෝජනයෙන් 75%ක් අපනයන ණය නියෝජිත ආයතනයක ආවරණය සහිත ණය පහසුකමක් ලබා දීමට නෙදර්ලන්තයේ ING Bank N.V. ආයතනය මඟින්ද ඉතිරි 25%ක මුදල නෙදර්ලන්ත රජයේ ප්‍රදානයක් ලෙස ලබා දීමට එකඟවී ඇත.

    මෙම ව්‍යාපෘතිය උතුරු පළාත් සභාවේ සහාය ද ඇතිව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates