නිෂ්පාදන ක්‍රියාකාරකම් වර්ධනය මන්දගාමී වෙයි

    January, 18, 2019

    නිෂ්පාදන ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වීම සඳහා නොවැම්බර් මාසයට සාපේක්ෂ ව දෙසැම්බර් මාසයේ දී නිමි ඇඳුම් නිෂ්පාදන අංශයේ රැකියා නියුක්තියේ සහ නිෂ්පාදනයේ දක්නට ලැබුණු මන්දගාමීත්වය හේතු විය.

    රැකියා නියුක්තියේ සැලකිය යුතු අඩු වීමට උත්සව සමයේ වඩා හොඳ වැටුප් සහිත තාවකාලික රැකියා සඳහා සමහර සේවකයින් යොමු වීම ප්‍රධාන වශයෙන් හේතු විය. නිෂ්පාදනයේ ඇති වූ අඩු වීම කෙරෙහි ද මෙ මගින් බලපෑමක් ඇති විය. කෙ සේ වුව ද, උත්සව සමයේ ඉල්ලුම අඛණ්ඩ ව පැවැතීම හේතුවෙන් ආහාර සහ පාන අංශයේ නව ඇණවුම්වල වර්ධනයක් දක්නට ලැබුණි.

    මේ අතර, එළඹෙන චීන නව අවුරුදු උත්සවය සම ඇතිවිය හැකි සැපයුම් බාධා සැලකිල්ලට ගනිමින් ඉදිරි නිෂ්පාදන අවශ්‍යතා සහා අවශ්‍ය තොග මිල දී ගැනීම හේතුවෙන් ගැනුම් තොග ඉහළ වේගයකින් වර්ධනය විය. මේ සමම සැපයුම්කරුවන්ගේ සැපයුම් කාලය ද දිගු විය.

    ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයෙහි රැකියා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක, කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කළ ද, 2018 නොවැම්බර් මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සදහන් වේ.