ලංකා IOC – මාස 3 ට රු. මිලියන 986 ක අලාභයක්

    January, 28, 2019

    2018 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා ලංකා IOC සමාගමේ නවතම මූල්‍ය වාර්තා පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලදී.

    ඒ අනුව 2018 ඔක්තෝබර් - දෙසැම්බර් මාස 03 තුළ දී සමාගම වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු ශුද්ධ අලාභය රුපියල් මිලියන 986.88 ක් ලෙසින් සටහන් වේ.

    මෙය 2017 වසරේ සමාලෝචිත කාර්තුවෙහි වාර්තා කර ඇති අලාභ අගය වූ රු. මිලියන 340 හා සැසඳීමේ දී 190% ක ඉහළ යාමකි.

    මේ අතර 2018 දෙසැම්බර් 31න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී සමාගමේ බදු ගෙවීමෙන් පසු අලාභය රු. මිලියන 533.70 ක් ලෙසින් වාර්තා වන අතර එය 2017 වසරේ අදාළ කාලපරිච්ඡේදය වාර්තා වී තිබූ රු. මිලියන 652.20 ක අලාභය හා සැසඳීමේ දී 185 කින් අඩුවීමකි.