January, 30, 2019
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සති 5කට පසු මුල්වරට අද (30) දිනයේ දී රු. 183 න් මෙපිටට පැමිණියේය. එසේම ඩොලරයේ ගැණුම් මිල ද රු. 179 සීමාවෙන් මෙපිට අද දින සටහන් විය.
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 178.8357 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රු.182.7033 ක් වශයෙනි.
මීට පෙර අවසාන වරට මෙම මට්ටමේ ඩොලරයක අගය පැවතියේ 2018 දෙසැම්බර් 24 දිනයේ දීය.
එදින ඩොලරයේ ගැණුම් මිල රු. 178.9846 ක් හා විකුණුම් මිල රු. 182.9540 ක් ලෙසින් වාර්තා විය.
මේ අතර ශ්රී ලංකා මහ බැංකුව පවසන්නේ 2019 වසරේ ජනවාරි මස 28 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.6 කින් අතිප්රමාණය වී ඇති බවයි.
Video Story