January, 30, 2019
සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අභ්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.
ඒ අනුව කාල සටහනක් අනුව අභ්‍යන්තර වාණිජ මගී ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපොළ යොදා ගැනීමටත්, පලාලි ගුවන්තොටුපොළේ අවශ්‍ය සංවර්ධන කටයුතු රුපියල් මිලියන 1,950ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් කඩිනමින් සිදු කර ගැනීමටත් අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story