February, 6, 2019
සපුගස්කන්ද Pielstick බලාගාරය සඳහා Taro 40XL 40 ලිහිසි තෙල් ලීටර 800,000 ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය සහ සපුගස්කන්ද MAN බලාගාරය සඳහා Taro 40XL 40 ලිහිසි තෙල් ලීටර 300,000ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පිරිදි ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී වෙත ප්රදානය කිරීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මේ අතර විදුලිබල මණ්ඩලයේ බාජ් මවුන්ටඩ් විදුලි බලාගාරය සඳහා 2018/19 වර්ෂයට අවශ්‍ය සිලින්ඩර් ලිහිසි තෙල් ලීටර 750,000 ක් සැපයීම හා එම බලාගාරයට අවශ්‍ය පද්ධති ලිහිසි තෙල් ලීටර 175,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී වෙත පිරිනැමීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත. මෙම යෝජනාව ද අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද්දකි.
Video Story