February, 6, 2019
මෙරට ප්‍රධානතම රාජ්‍ය වාණිජ බැංකු දෙක වන ලංකා බැංකුවට සහ මහජන බැංකුවට වැඩබලන සභාපතිවරුන් දෙදෙනෙකු පත් කර තිබේ.
ඒ අනුව මහාභාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නියෝජය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මහතා ලංකා බැංකුවේ වැඩබලන සභාපතිවරයා වශයෙන් පත් කර ඇති අතර මහාභාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහතා මහජන බැංකුවේ වැඩබලන සභාපතිවරයා වශයෙන් පත් කර ඇත.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම පත් කිරීම් සිදුකර තිබේ.
මෙම නව නිලධාරීන් දෙදෙනා මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් අදාළ බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරනු ලැබේ.
Video Story